“රිෂාද්ගේ සොයුරා නිදහස් කිරීම යුක්තිසහගත නෑ” – නීතිපති කියයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට ගත් පියවර යුක්ති සහගත නොවන බවට නීතිපතිවරයාගේ අදහස වී තිබේ.

එම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද නීතිපතිවරයා හමුවූ අවස්ථාවේදී හමු වූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම අදහස ඉදිරිපත් කර ඇත.

නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය එම හමුවේ සාරාංශය පහත ලෙස ඉදිරිපත් කරන ලදී.


“අද දින නීතිපතිතුමා විසින් රියාද් බදියුදීන් යන අය නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජේෂ්ඨ පොලිස් අධිකාරි සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් සහ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් කුමාර යන නිලධාරින් හමුවිය. රියාද් බදියුදීන් යන අයව 2020.04.14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ සිනමන් ග්‍රෑන්ඩ් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරුවන් ඉන්සාෆ් අහමඩ් යන අය විසින් රියාද් බදියුදීන් යන අයට ලබාගත් දුරකථන ඇමතුම හතක් පදනම් කරගෙනයි. රියාද් බදියුදීන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දෙකක් 2020.4.17 සහ 2020.7.13 වැනි දින ලබාගෙන තිබෙනවා. එම රැඳවුම් නියෝග ඔක්තෝම්බර් 13 අවසන්වීමට නියමිතව තිබුණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙදහස් 2020.9.6 වන දින විමර්ශන අවසන් කර රැඳවුම් නියෝගය අවලංගු කිරීමට ඉල්ලීමක් 2020 9.28 වන දින හිටපු නියෝජ්‍ය පොලිස්පති වන නුවන් වෙදසිංහ විසින් සිදුකර ඔහුව 2020.9.30 දින මුදා හරින ලදී. ඉහත නම් සඳහන් නිලධාරීන් විසින් නීතිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවේ දී අනාවරණය වූ කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස් යන අයවලුන් විසින් ලියා බදියුදීන් යන අයව නිදහස් කිරීම සම්බන්ධයෙන් සහ විමර්ශන නැවැත්වීමට කටයුතු කිරීම මගින් එම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයක් වැඩිදුර විමර්ශනය කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ හැකියාව විමර්ශන නතර කිරීම නිසා අඩපණ වී ඇති බවත් එම විමර්ශන නවතා රිය බදියුදීන් යන අයව නිදහස් කිරීමට ගත් පියවර සාධාරණීකරණය කළ නොහැකි තීරණයක් බවට පෙනී ගියා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නොමැති බවට අනාවරණය වුණා.

රියාජ් බදියුදීන් යන අයට අදාළව මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුනොකිරීම දින එනම් ඊට අදාලව ක්‍රියා බදියුදීන් යන අයගේ වත්කම් බැරකම් එනම් වාහන ඇතුළුව අනෙකුත් දේපල, බැංකු ගිණුම් සහ බැංකු කටයුතු සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ සුදුසු විමර්ශනයන් සිදු නොකිරීම, එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් හෝ කිසිදු වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැති නිලධාරියකු, අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කිරීම සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් නොමැති නිලධාරියකු පත් කර ඇති බවට අනාවරණය වුණා. එමෙන්ම ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයන් සිදු කර නොමැති තත්ත්වයක් අනාවරණය වුණා.

එසේම රියාද් බදියුදීන් යන අය භාවිතා කරන ලද ජංගම දුරකථන 16ක් පිළිබඳ අනාවරණය වුවත් විමර්ශකයන් විසින් ජංගම දුරකථන 12ක් සොයාගැනීමට අපෝසත් වීම සහ එම ජංගම දුරකථන 12 සොයා ගැනීමට සම්පූර්ණ විමර්ශනයක් හරියාකාරව සිදුකර නොතිබීම යන කරුණු ද පෙනී ගියා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉහත සියලු කරුණු සැලකිල්ලට ගෙන නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු විශේෂ පියවර සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් ලබා දීමක් අද සිදුකළා. එම සම්පූර්ණ විමර්ශන ගොනු මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදීමත් සිදු කළා කළත් ඉහත සඳහන් කළ අසම්පූර්ණ විමර්ශන හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු නිදහස් කිරීමට කළ නිර්දේශය යුක්ති සහගත නොවන බවට ගරු නීතිපතිතුමාගේ අවධානය යොමු වුණා”

Exit mobile version