රිෂාඩ් හෙට-අනිද්දා පාර්ලිමේන්තු එවන්න – වේත්‍රධාරී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාරගත කර දින 14ක නිරෝධායනයට යොමු කර තිබෙන මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතද යොමු කොට ඇත.

අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා මෙම පියවර ගෙන තිබේ.


පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී රිෂාඩ් බදියුද්දීන් මහතාව හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැසවීම්වලට සහභාගී කරවිය යුතු බවට තීරණය කළ බව එම ලිපියේ සඳහන් ය.

එබැවින් මන්ත්‍රීවරයා හෙට සහ අනිද්දා දිනයන්හිදී පෙරවරු 10 ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වන බවද ලිපියේ තවදුරටත් සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රිෂාඩ් බදියුද්දීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතු යැයි පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version