රිෂාඩ් හැංගුණු හේතුව මහින්දානන්ද කියයි

රිෂාඩ් බදුර්ඩින් හිටපු අමාත්‍යවරයා නිතිය හමුවේ සැගව සිටින්නේ ඔහු සතොස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් සොරකම් කල නිසා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එබැව් කියා සිටියේ (17) දින ගග ඉහල කෝරලයේ ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන මහජන පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

“පස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෙක් වශයෙන් කියන රිසාඩ් බදුර්ඩින්ගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් නිදහස් කරලා තියෙනවා.


මේක නිති විරෝධි ලෙස තමයි ආණ්ඩු පක්ෂය හැටියට අපි දකින්නේ , ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 100 දෙනෙකු අත්සන් කරන ලද ලිපියකින් අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මේ පිලිබදව පරික්ෂණයක් පවත්වන ලෙසත් නැවතත් ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසටත්.

මේ වන විට ඒ පිලිබදව පරික්ෂණ පැවැත්වෙනවා , අපි විශ්වාස කරනවා ඔහුව ඉදිරියේදි අත්අඩංගුවට ගනි කියලා ඔහුව නිදහස් කල අයට එරෙහිව නිතිමය පියවර ගනි කියලා.

රිෂාඩ් බදුර්ඩින්ව අත්අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටිනවා නමුත් ඔහු සැගවි සිටිනවා.

අපි පසුගිය කාලයේ විපක්ෂයේ ඉන්නකොට අපිවත් අත්අඩංගුවට ගන්න කටයුතු කලා නමුත් අපි හැංගුනේ නැ , බය වුණේ නැ , සිරගෙවල් වලට ගියා.
තමන් වැරද්දක් කරලා නැත්තම් හැංගෙන්න ඕනි නැ , වරදක් කරලා තියෙන නිසා තමයි මෙහෙම හැංගිලා ඉන්නේ.

රිෂාඩ් බදුර්ඩින්ට දාලා තියෙන්නේ පොඩි නඩුවක් , ඕක නෙවෙයි දාන්න ඕනි නඩුව සතොසේ හාල් , සිනි ගෙනාපු බිලියන ගණන් වංචා තියෙනවා.

ඔහු දඩුවම් ලැබිය යුත්තේ පාස්කු ප්‍රහාරයට විතරක් නෙවෙයි බිලියන ගණන් වංචා කරපු සිද්ධියන් වලට ඉදිරියේදි නිතිය ක්‍රියාත්මක වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපිට කිසිසෙත් 20 වෙනි සංශෝධනය සම්මත කර ගන්න රිෂාඩ් බදුර්ඩින්ගේ ජන්දය අවශ්‍ය නැ. කිසිසෙත් ඔහුගේ ජන්දය අපි ගන්නෙත් නැ අවශ්‍යත් නැ” යනුවෙන් පැවසිය.

Exit mobile version