රිලවියන්ට ලුප පැලැන්දූ පේරාදෙණි පශු වෛද්‍ය පීඨයේ පර්යේෂණ සැත්කම… ( වීඩියෝ සහිතයි)

රිලවියන්ගේ ගැබ් ගැනීම වැළැක්වීමේ අභිලාෂයෙන්  රිලවියන්ගේ යෝනි මාර්ගයේ නව කුඩා ප්‍රමාණයේ ලූපයක් පැළඳවීමේ පර්යේෂණ ශල්‍යකර්මය පේරාදේණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් අද (24) සාර්ථකව සිදුකරනු ලැබුවේය.  

මෙම පර්යේෂණය සඳහා යොදාගෙන තිබුණේ  එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියකි.

සැත්කම කරන අයුරු…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ශික්ෂණ හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල  කීවේ     සැත්කමෙන් පසුව සිදුකළ එක්ස් රේ පරීක්ෂණයේ දී අදාළ ලූපය සාර්ථකව තැන්පත්ව තිබෙන අයුරු දැක ගැනීමට ලැබුණු බවය.


රිලවියන්ගේ  උපත් පාලන ක්‍රමයක් ලෙස   මෙයට පෙර සාමාන්‍ය ප්‍රමාණයේ ලූපයක් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණ අසාර්ථක වීම නිසා ප්‍රමාණයෙන් කුඩා නව ලූපය නිර්මාණය කළ බව මහාචාර්ය දංගොල්ල පැවසුවේය. මහාචාර්යවරයා පැහැදිලි කළේ  රිළවිය ගේ ගර්භාෂය නිතර සංකෝචනය වීමත් ඉන් ශ්‍රාවයන් නිකුත් වීම අධික වීමත් නිසා තැන්පත් කරන ලූපය පිටතට තල්ලු වීමේ ප්‍රවනාතාව වැඩි නිසා   නව කුඩා ලූපය පිතටට තල්ලු නොවනු ඇතැයි විශ්වාස කරන බවය.

මේ පර්යේෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාර්වේද අංශයේ වෛද්‍යවරුන්ගේත් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේත් සහාය හිමි වූයේ යැයි ද මහාචාර්ය දංගොල්ල පැවසුවේය.  .

ලූප පැලැන්දු සැත්කමට ලක්වුන රිලවිය….

ලූපය තැන්පත් කිරීම සඳහා සතා සිහිසුන් කිරීමට  පැය භාගයක පමණ කාලයක් ගතවන බවත්  අනතුරුව සැත්කම සඳහා පැය භාගයක් පමණ ගතවන බවත් මහාචාර්යවරයා පැවසුවේය.

මහාචාර්ය දංගොල්ල පෙන්වා දෙන්නේ පැයක්  පමණ කාලයක දී ලූපය තැන්පත් කර සතා යළි වනයට මුදාහැරීමට හැකි නමුත්.  වනධ්‍යාකරණ සැත්කමකට  ලක්කළ හොත් අවම වශයෙන් දින තුනක් පමණවත් සතා රැක බලා ගැනීමට සිදුවන බවය.

වසර 20 පමණ අයු කාලයක් ඇති රිළිවියක් සාමාන්‍යයෙන් ජීවිත කාලයේ දී පැටවුන් 10 – 15 අතර සංඛ්‍යාවක් බිහි කරන බැවින්  සියලු පාර්ශව හඳුනාගෙන තිබෙන පරිදි රිලා ගහණය පාලනය කිරීමට මෙම ක්‍රමය   ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව වැඩි බව ද හෙතෙම කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැත්කම සඳහා පශු වෛද්‍යවරුන් වන බී.ජී.එස්.එස් ගමගේ, කේ.පී.අයි.අර් කහටපිටිය,පී.බී අබේරත්න, වනජීවි පර්යේෂක අනිල් දික්කුඹුර, උපස්ථායක එම්.එම් ධනසේකර යන අය සහභාගි වූහ.

Exit mobile version