රියාද්හි ‘ටාර්හීල්’ පිටුවහල් කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් කොටසක් අද දිවයිනට

සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම සිකුරාදා (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන් පසුව, දෙවැනි හා තෙවැනි කණ්ඩායම් මැයි 03 සහ මැයි 05 යන දිනවල දී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව රියාද් හි හ්‍රි ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම කඳවුරේ රැඳවියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, සෞදි බලධාරීන් සහ රියාද් හි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය අතර පවත්නා අඛණ්ඩ සහයෝගීතාවයේ ප්‍රතිඵලයකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 ජූලි මාසයේ සිට තානාපති කාර්යාලය විසින් පිටුවහල් කිරීමේ කඳවුරුවලින් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකුට නැවත ශ්‍රී ලංකාවට යාම සඳහා පහසුකම් සලසා දී ඇත

Exit mobile version