රිජ්වේ ආර්යා ළමා රෝහල රටෙන් හදිසි   ඉල්ලීමක් කරයි… හැකි ඉක්මනින් ළමා හෘද රෝග දැඩි සත්කාර ඒකකයට රුධිර පරීක්ෂණ කට්ටල   ලබා දෙන්න…

ශ්‍රියානි විජේසිංහ –                                           

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ “  බ්ලඩ් ටෙස්ට් කිට් “ වහාම අවශ්‍යව ඇතැයි එම රෝහල පවසයි.  

ඒ සඳහා පරිත්‍යාගශීලීන් හෝ ආයතනයන් ඇත්නම් හැකි ඉක්මනින්  ඉදිරිපත්වන්නැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති  විශේෂ ඉල්ලීමක් කරයි.

හෘද සැත්කම් සිදුකළ දරුවන්ට දැඩිසත්කාර ඒකකයේදී කෘතීම ස්වසන යන්ත්‍රයට සවිකරන අතර එහිදී දරුවාගේ රුධිරයේ සංයුතිය නිසි පරිදි  පවතින්නේද යන්න පිලිබඳව විටින් විට පරික්ෂා කර බලා කෘතීම ස්වසන යන්ත්‍රය දරුවාට හිතකර වන ලෙස වෙනස් කළ යූතුව ඇති බවත් රුධිරයේ සංඝටක  සංයුතිය බැලීම සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයකවල (බ්ලඩ් ටෙස්ට් කිට්) උග්‍ර හිගයක් පවතින බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම දැඩිසත්කාර ඒකකයේ ඇඳන් 15ක් පවතින අතර එය නිරන්තරයෙන්ම රෝගී දරුවන්ගෙන් පිරී පවතින බවත් මෙම ටෙස්ට් කිට් කට්ටයකින් දරුවන් 15 දෙ නෙකුට දින දෙක තුනක් පමණ ප්‍රතිකාර කළ හැකි බවත් වෛද්‍ය සේනාපති  පැවසුවේය.


මෙම ප්‍රතික්‍රීයක සම්පුර්ණ කට්ටලයක මිල ලක්ෂ 3 -4 වන බැවින් එය ලබාදිය හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් හැකි ඉක්මනින් ඉදිරිපත් වන්නැයිද අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි පරික්ෂණයක් පෞද්ගලික අංශයෙන් කිීරීමට නම් රුපියල් 8000ක පමණ මුදලක් වැය වන බවද හෙතෙම පෙන්වාදේ.

Exit mobile version