රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

අගෝස්තු පළමුවැනිදා සිට රට සංචාරකයන්ට විවෘතයි

ශ්‍රි ලංකාව විදේශ සංචාරකයන් සඳහා අගෝස්තු මාසයේ පළමුවැනිදා පටන් විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කොට ඇති අතර මෙරටට එන සියලුම සංචාරකයන්ගෙන් රුලියල් 100ක වීසා ගාස්තුවක් අයකිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

එමෙන්ම පැමිණෙන සෑම සංචාරකයකුම රජය විසින් සහතික කරන ලද හෝටලයක අවම වශයෙන් රාත්‍රි 05ක් රැඳී සිටිය යුතු වීම ඇතුළු පූර්ව කොන්දේසි කිහිපයක් කොවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පනවා ඇත.

මේ වනවිටත් යුරෝපීය රටවල ධනවත් සංචාරකයන් තම සංචාරක නියෝජිත ආයතන හරහා ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විමසීම් සිදු කර ඇති බව පවසන සංචාරක සංවර්ධන අධිකාරිය ඔවුන්ට කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට සහ රෝගය පැතිරීම වැළක්වීමට අදාළ සියලු පියවර ගැනීමට කටයුතු සූදානම් කර තිබේ.


ඒ අනුව ඉහත අවශ්‍යතාවන්ට අමතරව පැමිණෙන සෑම සංචාරකයකුම මෙරට පැමිණීමට පැය 72කට පෙර කොවිඩ් 19ට අදාළ පී.සී අර් පරීක්ෂණයක් සිදු කොට රෝග ආසාදිතයකු නොවන බවට සහතික විය යුතු වේ.

එමෙන්ම පැමිණීමට පෙර අන්තර්ජාල මාර්ගයෙන් අයදුම් කොට අනුමත කර ගත් වීසා බලපත්‍රයක් තිබිය යුතු වන අතර ආපසු යාමේ ගුවන් ටිකට් පත සහ රෝහල් ගත වීමේ ගාස්තු ඇතුළු විධිමත් සෞඛ්‍ය රක්ෂණයක් ද අනිවාර්ය වේ.

කටුනායකින් සහ මත්තලින් ගොඩ බසින් සංචාරකයන්ට නොමිලේ පීසීආර් පරීක්සණයකට අනිවාර්යයෙන්ම ලක් කෙරෙන අතර ඔවුන්ට පළමු රාත්‍රිය පීසීඅආර් වාර්තාව ලැබෙන තෙක් ගුවන් කොටුපළ ආසන්නයේ හෝටලයක නැවතී සිටීමට සිදුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද නිරෝදායනට ලක් කිරීමක් සිදුනොවනු ඇති බව පවසන සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරය පුරා සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුව කටයුතු කළ යුතු වේ.

Exit mobile version