රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි අද දිසා ලේකම් කාර්‍යාල වෙත

උපාධිධාරීන් 50000 කට රැකියා ලබාදීම ලබන මස දෙවැනි දා සිදුකිරීමට රජය සැලසුම් කර තිබේ.

උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි සියල්ල මේ වනවිට සකස් කර අවසන් බවත් එම පත්වීම් ලිපි අද (24) දිසා ලේකම් කාර්යාලය වෙත යොමු කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

දිසා ලේකම්වරුන් වෙත යවනු ලබන මෙම පත්වීම් ලිපි ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් අදාළ උපාධිධාරීන් වෙත යොමු කරවීමට සැලසුම් කර තිබෙන බවත් එම පත්වීම් ලිපි ලබාදීමේදී මුදල් වැය කරමින් උත්සව නොපවත්වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපාධිධාරීන් 50000 කට පත්වීම් ලිපි ලබාදීමෙන් අනතුරුව තවත් උපාධිධාරීන් 10000කට රැකියා ලබාදීමට පියවර ගෙන තිබෙන අතර මෙම සියලු පත්වීම් ලාභීන් සඳහා රැකියා පුරප්පාඩු තිබෙන රාජ්‍ය ආයතනවලට යොමු කිරීමට කටයුතු කර ඇත.

Exit mobile version