රාවණ ලංකා නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට…

රාවණ ලංකා නිව්ස්  (RAWANA LANKA NEWS ) වෙබ් අඩවියේ කර්තෘ ජී.පී.නිස්සංක ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසන් අත් අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ රාත්‍රී 10.45ට පමණ මගයාය, ඇම්බවිල, පල්ලෙබද්ද යන ලිපිනයේ  ඇති නිවසේ දී   ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාවට  හා මහජන ආරක්ෂාවට හානිවන ආකාරයේ ප්‍රචාර සිදුකිරීමේ චෝදනාව මතය.

අද  පෙරවරුවේ කොළඹ පරිඝනක අපරාධ අංශය වෙත පැමිණ ඉදිරිපත් වීමට  ජී.පී. නිස්සංක   අවසර ඉල්ලා සිටියද ඒ සඳහා අවස්ථාව ලබා දිය නොහැකි බව පැමිණි නිලධාරීන් දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් රාවණ ලංකා කර්තෘවරයා  අද  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. නීතිඥ අමිල එගොඩමහ්හවත්ත ජී.පී.නිස්සංක වෙනුවෙන් ඉදිරියටත්  කටයුතු කිරීමට නියමිතය.


Exit mobile version