රායප්පු ජෝෂප් හිමිපාණන්ගේ අවසන් කටයුතු 05 දා මන්නාරමේ දී

දිනසේන රතුගමගේ –

ස්වර්ගස්ත වූ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ගේ  අවසන් කටයුතු 5 වෙනිදා පස්වරු 3 ට මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට යාපනය  රදගුරු නිවසේ තැන්පත් කොට ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පමිණෙමින් සිටින අතර  2 දා දහවල් යාපනයේ සිට මන්නාරම රදගුරු නිවස වෙත දේහය රැගෙන එනු ලබන අතර මන්නාරම වෙල්ලාන්කුලම් ප්‍රදේශයේදී උන්වහන්සේගේ දේහය මන්නාරමේ පූජකවරුන් විසින් බාර ගනීමට නියමිතය.

අප්‍රේල් මස 4  වෙනි ඉරිදා දක්වා දේහය මන්නාරම රදගුරු නිවසේ හා ඊට ආසන්නයේ පිහිටි දෙව්මැදුරේ තැන්පත් කෙරෙන අතර  ඉරිදා දහවල් එම දේහය මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර වෙත පෙරහැරකින් රැගෙන ගොස් එහිදී 5 වෙනිදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආදාහනය සිදු කෙරෙන දිනය උතුරු පළාතේ වැසියන් ශෝක දිනයක් වශයෙන් සලකන ලෙස උතුරේ කතෝලික ආගමික නායකයින් හා දේශපාලනඥයෝ ඉල්ලීමක් කොට තිබේ.

Exit mobile version