රාමනාදන්ට ඇමතිකමක් දෙනවට දේවානන්දා විරුද්ධ වෙලා…

දේවානන්දා - රාමනාදන් ගැටුම ඇරඹෙයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනසේන රතුගමගේ –
යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කොට ජයගත් ඩග්ලස් දේවානන්දා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අංගජන් රාමනාදන් අතර යළිත් දේශපාලන වශයෙන් විශාල මතභේදයක් හට ගෙන තිබේ.
අංගජන් රාමනාදන්   පසු ගිය යහපාලන රජයේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා වු අතර මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් පුද්ගලයාය.
ඔහුට අමාත්‍යධුරයක් පිරිනමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් විශාල වශයෙන් ඉල්ලීමක් කරන  ලද්දේ ඔහුද පොදුජන පෙරමුණට සහය දුන් පුද්ගලයෙකු බැවිනි.
නමුත් අංගජන් රාමනාදන්ට අමාත්‍ය ධුරයක් ලබාදීම පිළිබදව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා දැඩි ලෙස විරුද්ධ වීම නිසා ඔහුට එය නොලැබී ගිය බවට රාවයක් පැතිර යාමත් සමගම දෙදෙනා අතර දේශපාලන වශයෙන් දැඩි විරසකභාවයක් හටගෙන තිබේ.
රාමනාදන්ට  කැබිනට් ඇමති ධූරයක් ලබාදුනහොත් එය යාපනය දිස්ත්‍රික්කය තුළ හා උතුරු පළාතේ ඒ පක්ෂයේ පැවැත්මට අභියෝගයක් වීම යන පදනම තුළ සිට දේවානන්ද  එම විරෝධය දක්වා ඇති බව වාර්තාවේ
රාමනාදන්ට  මේ වන විට යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය මෙන්ම පාර්ලිමේන්තු කාරක සභා සභාපති ධූරයද ලබා දී තිබේ.
දේවානන්දට කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරයද පොදුජන පෙරමුණ විසින් ලබා දී තිබේ.
රාමනාදන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාද රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
1989 සිට යාපනයේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දේවානන්දා ප්‍රථමයෙන් රණසිංහ ප්‍රේමදාස මහතාට තම සහය දැක් වූ අතර ඔහුගේ අභාවයෙන් පසුව ප්‍රගතිශීලි වාමාංශික කඳවුර මුල් වූ සන්ධානයට සිය සහය ලබා දෙන ලදී.

Exit mobile version