රාජ්‍ය ඇමති ලන්සා “බඩු පැක් කරයි“!. හෙට තමන් හමුවන ලෙස ජනපති ලන්සාට දන්වයි!

අජන්ත කුමාර අගලකඩ –

ග්‍රාමීය මාර්ග රාජ්‍ය ඇමති නිමල් ලන්සා   සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍ය කාර්යාලයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා එම අමාත්‍යංශයේ  ලේකම්වරයා සමඟ ඇතිවූ ප්‍රශ්නයක් මත පෞද්ගලික  කාර්යමණ්ඩලය ඉවත් කර ගැනීමට තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග වලින් පැවසේ

අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා අමාත්‍ය ලන්සා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   හෙට (16)දිනයේදී හමුවීමට නියමිතව ඇති බවද පැවසේ .


ජනාධිපතිවරයා අද දිනයේ දී හමුවන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්   නිමල් ලන්සාට   අද (15) දුරකතනයෙන් දැනුම් දී ඇති බවද පැවසේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version