රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා වියදම 4%කින් අඩු වෙලා

ලලිත් චාමින්ද

පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා මෙම වර්ෂයේ පළමු මාස හතර තුළදී රජය මගින් දරනු ලැබු වියදම සියයට 4 කින් පමණ අඩු වී ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.

මෙම වර්ෂයේ මුල්මාස හතරක කාලය තුළදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 303.3ක මුදලක් වැය වී තිබුණි. එහෙත් ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 316.1ක මුදලක් වැයකොට තිබුණි.ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාවට සාපේක්ෂව මෙම වර්ෂයේ මෙම කාලසීමාව තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 12.8කින් අඩු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් වර්ෂය තුළදී විශ්‍රාම ලැබු රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩි වීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීම, රාජ්‍ය අංශයට බඳවා ගැනීම අත්හිටුවීම නිසා වියදම අඩු වී ඇති බවද ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. කෙසේවුවද මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් රුපියල් බිලියන105.9ක වියදමක් දරා තිබූ අතර එය ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාවට වඩා සියයට 6.3ක වැඩිවීමකි.

Exit mobile version