රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රාහරය වළක්වා ගන්න 07 වරක් උත්සාහ කරලා… පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

ප්‍රහාරය සිදුවීමට පෙර ප්‍රහාරය පිළිබඳ සියලුම තොරතුරු පූජිත්ට, සිසිර මෙන්ඩිස්ට, හේමසිරිට, රවී සෙනවිරත්නට 07 වරක් ලිඛිතව දැනුම් දීලා!

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එම ප්‍රහාරය සම්බන්ධව සියලුම තොරතුරු එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනවිතරත්න, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, වෙත එවකට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින්  අවස්ථා 07ක දී  ලිඛිතව දන්වා ඇතැයි අද පාර්ලිමේන්තුවේ දී  හෙළිදරවු වුනේය.

මෙම හෙළිදරව්ව සිදුවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්දව මහජන අරාක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මහජන ආරක්ෂාව පිළිබඳ  ඇමතිවරයා වෙනුවෙන් එම පිලිතුර සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කළේය.

රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පහත නිලධාරින් වෙත අදාල බුද්ධි තොරතුර යොමුකර ඇති ආකාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් වුයේ මෙසේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රහාරයක් ලබාදෙන බවට තොරතුරු ලබා දී තිිබියි දී එම තොරතුරු මත ක්‍රියා කිරීමට නිසි අවධානය යොමු කළේද  නැද්ද යන්න පිළිබඳව මෙතෙක් සිදුකළ කොමිෂන් සභා වාර්තා මගින් පිළිබිඹු වන බවත් සභානායකවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version