රාජ්‍ය ඖෂධ නීතිගත නිශ්පාදන සංස්ථාව නිශ්පාදනය කළ  ප්‍රමිතියක් නැති ඖෂධ ඛාණ්ඩ 40කුත්  භාවිතයෙන් ඉවත් කරලා…

ශ්‍රියානි විජේසිංහ                                  

රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කළ  ඖෂධ කාණ්ඩ  40ක් මේ වෙන විට භාවිතයෙන් ඉවත් කර අතැයි වෘත්තීයවේදීන්ගේ විද්වත සංගමය පෙන්වාදේ.

ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරන Flucloxacillin කරල් පමණක්  කාණ්ඩ 35ක් ඉවත් කර ඇති බව රජයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කර ඇතැයි සංගමයේ සභාපත් රවී කුමුදේශ්    සඳහන් කරයි.

මෙරට‌ පෞද්ගලික සමාගම් මගින්  නෂ්පාදනය කළ තවත් ඖෂධ ඛාණ්ඩ 29ක් නරත කර අතැයි ද හෙතෙම හෙළි කරයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පදන නීගත සංස්ථාව් ඖෂධ නිෂ්පාදනය කිසියම් පසුබැසීමක් තිබෙන බව වැටහී ගියෙන් මේ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සමඟ හෝ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට කීප වරක්ම උත්සහ කළ නමුත් එය ව්‍යර්ථ වූ බවත් එබැවින් මෙම වාර්තාවන් මාධ්‍යයට ඉදිරිපත් කළ බවත් රවී කුමුදේශ් පැවසුවේය.


ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනයන් දිරි ගැන්වීමට කටයුතු කළ යුතු නමුත් ඒවා බිදවැට්ටවීමට කටයුතු නොකළ යුතු බවත් ඇමරිකාවෙන් යුරෝපයෙන් ඖෂධ ගෙන්වීම අපට දරා ගත නොහැකි බවත්  හෙතෙම පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත ලේඛණයේ තද පැහැයෙන් ලකුණු කර ඇත්තේ අත්හිටවූ ඖෂධ ඛාණ්ඩය. 

 

 

Exit mobile version