රාජපක්ෂලා පසුපස ගොස් තවත් පීචං වෙන්න එපා… චන්ද්‍රිකා ශ්‍රි.ල.නි.ප.යට කියයි…

Chandrika-kumaratunga

චන්ද්‍රිකා කුමාරතුංග

තව දුරටත් රාජපක්ෂලා පසුපස ගොස් පීචං නොවී විනාශ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළා ගොඩ නැගීමේ සාමුහික වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මැතිවරණයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් වැඩක් ගත්තා මිස පක්ෂයට ගෞරවාන්විතව සැලකීමට ඔවුන් කටයුතු නොකළ ආකාරය ඇය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ශ්‍රී.ල.නි.ප සභාපති ට තනතුරක් දුන්නෙ නෑ, එක්කෙනෙකුට දීලා තියනවා බතික් ඇමතිකමක්. කිසිම  ආයතනගත සැලැස්මක් නෑ. මෙහෙම ගිහින් තවත් විනාශ වෙන්න අවශ්‍ය නෑ. රාජපක්ෂලා මේ පක්ෂය විනාශ කළ ප්‍රමාණය ඇති. ශ්‍රී.ල.නි.ප.ය නැවත ගොඩනගන්න ක්‍රියා කරන්න.  ඊට මගේ පූර්ණ සහයෝගය ලබා දෙන්න සූදානම්… “ ඇය වැඩිදුරටත් කීවාය.


Exit mobile version