රාජකාරි කරමින් සිටි ට්‍රැෆික් රාලහාමිලා දෙදෙනෙකු භාරයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතක්  අතුරුදහන් කරලා… පරීක්ෂණයක් අරඹයි..

මනම්පිටිය නිමල් ජයරත්න –

දෙහිඅත්තකන්ඩියේ පොලිසියේ රථවාහන අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොතක් ඊයේ ( 18 )   රාත්‍රියේ සිට අතුරුදහන්වී ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි,

දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අයත් රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නවමැදගම ප්‍රදේශයේදි රථවාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදෙන අතර   රථ වාහන වැරැද්දක් කළ රියදුරෙකුට දඩ කොලයක් ලියා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදීමට යෑමේ දී  එම තාවකාලික රියදුරු බලපත්‍ර පොත අතුරුදහන් වී ඇති බව දැනගෙන ඇත.

අප මේ පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ තාවකාලික රියදුරු බලපත් නිකුත් කරන පොතක් අතුරුදහන් වී ඇතැයි යන තොරතුර සත්‍ය බවය.

අනතුරුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දෙහිඅත්තකන්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ  දුරකතනයට ඇමතුමක් ලබාගන්නා විට ඔහු සඳහන් කළේ මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරමින් පවතින නිසා තොරතුරු ලබා දීමට නොහැකි බවය.,


නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් මේ සම්බන්ධව  දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, මේ පිළිබඳ මහඔය සහකාර පොලිස් අධිකාරී, එස්. කේ. එස්. මීඇල්ලගේ  ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහඔය සහකාර පොලිස් අධිකාරී එස්.කේ.එස් මීඇල්ලගේ  සම්බන්ධකරගෙන ඔහුගෙන් කළ විමසීමක දී  ප්‍රකාශ කළේ නවමැදගමප්‍රදේශයේ බීමත් රියදුරෙකුගේ නඩුවක් ලබාගැනීමට ගියවිටදී පොලිස් යතුරුපැදියේ උඩ තිබූ තාවකාලික රියදුරු බලපත් පොත අතුරුදහන් වී ඇතැයි දැනගත් බවත්,  ඒ පිළිබද පරීක්ෂණ සිදුකරන බවත්ය.

Exit mobile version