රාගම රෝහලේ සේවය කරමින් සිටි 34 හැවිරිදි වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි…

වෛද්‍ය මොහොමඩ් ජනන්.

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කල මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

කොවිඩ් රෝගය වැලදී කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් අප කල විමසුමකදි සඳහන් කළේය.

Mohamad-Janan2
වෛද්‍ය ජනන් සිය දරු තිදෙනා සමග…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ජනන් අද (18) උදෑසන රෝගය උත්සන්න වීමෙන් මිය ගොස් ඇතැයි ද ම එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.
මෙම වෛද්‍යවරයා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවද වාර්තා වි ඇත.

මෙම වෛද්‍යවරයා තරමක ස්ථූල භාවයක් පෙන්නුම් කරන්නෙකු බව ද සඳහන් කළ එම ප්‍රකාශකයා මිය යන විට වයස අවුරුදු 34ක් පමණ වන බවද සඳහන් කළේය.

Exit mobile version