රාගම රෝහලේ දී  තරුණ මවට මරණය අත්කළ amoxiclav එන්නත මීට පෙරද රෝගීන්ට බරපතල අසාත්මිකතා ඇති කරලා…

ශ්‍රියානි විජේසිංහ –                                     

රාගම රෝහලේදි පසුගිය සතියේදී  එන්නත විසවීමෙන් 23 හැවිරිදි එක්දරු මවක් මියයැමේ සිද්ධියට හේතු වු amoxiclav  නැමැති එනන්ත මීට පෙරද බරපතල අසාත්මිකතාවයන් ඇති කළ  එන්නතක් බවට පැමිණිලි ලැබි ඇති නමුත් එම පැමිණිලි බැහැර කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

මේ පිළිබඳව විධිමත් සායනික විමශෂනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.  

එන්නත අසාත්තිමි වී  මිය ගොස් ඇත්තේ ජා ඇල උතුරු බටගම පදිංචිව සිටි එක් දරු මවකි. විෂබීජයක් නිසා ඇයට ලබා දුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් නිසා ඇය මිය ගොස් ඇති බව මරණ පරීෂණය මගින් තහවුරු වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසකා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙසසෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්  සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


Exit mobile version