රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත්කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ප්‍රකාශ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයන් ක්‍රියාවට නන්වමින් රාසායනික පොහොර සහ පලිබෝධ නාශක මෙරටට ගෙන්වීමට අවසර දීම පෙරේදා දිනයේ සිට අත්හිටුවා තිබේ.
ඒ අනුව පොහොර සහ පලිබෝධ නාශක ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට මින් ඉදිරියට අවසර ලැබෙන්නේ නැත.
පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර සහ කෘමිනාෂක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා පවසන්නේ මෙය කිසිසේත්ම ජනප්‍රිය තීන්දුවක් නොවන බවත් කමර්ෂල් පොහොර සමාගමට කාබනික පොහොර නිශ්පාදන කටයුත්ත පැවරූ විට ඔවුන් පවා එය සම්පූර්ණ කිරීමට මැළි කමක් දක්වන බවත්ය.
එහෙත් රට වෙනුවෙන් ගත් මේ තීන්දුව මත පිහිටා මේ අවුරුද්දේ රුපියල් බිලියනයක් කාබනික පොහොර සඳහා වෙන් කර ඇති බව කී ඇමතිවරයා යම් කාබනික පොහොර හිඟයක් රට තුළ ඇතිවුවහොත් පිටරටින් ගෙන්වා හෝ පොහොර ලබා දීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.