රසායනික පොහොර ලෑස්තියි… එස්.එම්. චන්ද්‍රසේන කියයි!

දෙරණ –

වගාබිම් සඳහා අවශ්‍ය රසායනික පොහොර මේ වනවිට ලැබෙමින් පවතින බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන  පවසයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ  සඳහන් කළේ, එළවළු, පලතුරු සහ විසිතුරු මල් වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කර ඇති බවය.

යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට එක් සමාගමක් පමණක් ඇණවුම් ලබාදී ඇති බවද ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව වෙනත් පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් මේ වනවිට ඇණවුම් ලබාදී තිබේ.

Exit mobile version