රසායනාගාර,  හෙද පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට අඛන්ඩ වර්ජනයක…

Nurses-strike

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් ඇතුළු හෙද පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට (8) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්බ කරන බව  පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි. 

මෙහි ප්‍රථම පියවර ලෙස වයඹ පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් හී සේවයේ නියුතු සෞඛ්‍ය වෘත්තීයවේදීන් සේවයට වාර්තා නොකරන බව බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා හෝ රජයේ  බලධාරීන් විසින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු සඳහා විසදුම් ලබා නොදීම හේතුවෙන්‌ මෙම අඛණ්ඩ වැඩවර්ජනය  ආරම්භ කරන බව හෙතෙම පැවසීය.


මේ අනුව 9වන දින මධ්‍යම පළාතේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් වල ද වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන අතර ක්‍රමයෙන් අනෙකුත් පළාත්වලත් අවසානයේදී දීප ව්‍යාප්තවත් වර්ජනය ආරම්භ කරන බව ඔහු සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය වෘත්තීන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරනවා වෙනුවට ක්‍රියාත්මක කරමින් තිබූ රනුක්ගේ වැටුප් නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම නතර කර දැමීම, වෘත්තීය උපාධිධාරීන්ගේ සේවය  ඩිප්ලෝමා වැටුප් තලයේ පවත්වා ගැනීම, සේවා දායකයින්ගේ ණය නොගෙවීම, අනවශ්‍ය ලෙස උපකරණ හා රසායනික ද්‍රව්‍ය ගොඩ ගැසීම, සෞඛ්‍ය සේවාව කඩාවැටීමට ඉඩ හැර බලා සිටීම , ඖෂධ මිල හා  සෞඛ්‍ය සැපයුම් මිල පාලනයක් නොකරමින්  මහජන අවශ්‍යතා නොසලකා හැරීම වැනි මූලික ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කරන බව බලමණ්ඩලය සඳහන් කරයි‍

Exit mobile version