රඹුක්කන නිසා ඇමෙරිකානු තානාපතිනියත් රත්වෙයි

රඹුක්කන දී රජයට එරෙහිව විරෝධතා දැක්වූ පුද්ගලයන්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් තමන් මහත් කම්පාවට පත් වූ බවත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිද පෙනෙන සුළු භාවයකින් යුක්ත අංග සම්පූර්ණ පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බවත් ඇමෙරිකාවේ ශ්‍රි ලංකා තානාපති ජූලි චුන්ග් ප්‍රකාශ කරයි.

සිය ට්විටර් ගිණුම හරහා රඹුක්කන සිද්ධිය පිළිබඳව අදහස් දක්වා ඇති ඇය පුකාශ කරන්නේ තමන් පොලිසියේ ප්‍රචණ්ඩත්වය සේම පොලිසියට එරෙහිව පුචණ්ඩත්වයද තරයේ ප්‍රතික්ෂේප කරන බවය. දෙපාර්ශ්වය සාමකාමීව සිටීමේ වැදගත්කම අවධාරණය කරන ඇමෙරිකානු තානාපතිනිය සියලු පාරශ්වවලින් ඉල්ලා සිටින්නේ සංසුන්ව කටයුතු කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version