. “රනිල් ඔයා ගෙදර ඉන්න “… උද්ඝෝෂකයෝ රනිල්ගේ ගේ ලඟට ඇවිත් කියති…   

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ  කොලඹ 07 පස්වන පටුමගේ   නිවස ඉදිරිපිට මේ වනවිට විරෝධතාකරුවන් පිරිසක් විරෝධතාවයක  විරෝධතාවයක නිරතවෙමින් සිටිති.

නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී ආණ්ඩුව පාර්ශවයෙන් ඉදිරිපත් වුණ රන්ජිත් සියඹලාපිටියට ඡන්දය ලබා ගැනීම සඳහා අසුනෙන් අසුනට ගොස් රනිල් වික්‍රමසිංහ කැම්පේන් කළ බව  ශානක්කියන් රාසමානික්කම් විසින් පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ වෙත සමාජ විරෝධයක් මතුවුනේය.

ඊයේ රනිල් පාර්ලිමේන්තුවේ දී කිවේ විරෝධතාකරුවන් පිරිසක් තමන්ගේ නිවස වටකිරිමේ සූදානමක් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද විරෝධතාකරුවෝ රනිල්ගේ නිවස ඉදිරිපිටට විරෝධය පලකිරීමට පැමිණයහ.


Exit mobile version