බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්… ජනතාව ඔයාව ප්‍රතික්ෂේප කළාම දේශපාලන විහිලු සැපයීම නතරකර වැදගත් විදිහට පාඩුවේ ජීවත් වෙන්න… ටිල්වින් රනිල්ගෙන් ඉල්ලයි!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Tilvin
Share on FacebookShare on Twitter

ජනතාව ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව විහිළු සැපයීම නතරකර  පරාජය භාරගෙන පාඩුවේ ජීවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා අද රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙම ඉල්ලීම කළේ අද උදේ (04) කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. ව්‍යවස්ථාව උගන්වන්නට කතා කරන රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගත හැක්කේ ව්‍යවස්ථාව නොව, ව්‍යවස්ථාව කඩන ආකාරය බව පැවසූ ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ ආසන්නම උදාහරණය ලෙස පළාත් පාලන ඡන්දය නොතබා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ ආකාරය ගත හැකි බවය.

ව්‍යවස්ථා විරෝධීව නැවැත්වූ ඡන්දය යළි පැවැත්විය යුතු බවට අධිකරණ තීන්දුවක් ලබා දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමට උත්සාහ කළ රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගත යුත්තේ කුමණ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද, කුමණ ආකාරයේ ව්‍යවස්ථාවක් ද යන්න ලේකම්වරයා ප්‍රශ්න කර සිටියේය.

මෙයා ද අපට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙන්න එන්නේ. අපි කියනවා රනිල් වික්‍රමසිංහට මුල සිට ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නේ කියලා. එයාගෙන් ලංකාවට දෙයක් ඉගෙන ගන්න නෑ.
1977 ඉඳන් ජීවත් වුනේ මහජන මුදල්වලින්. ඒ නිසා දේශපාලනයෙන් ඉවත් වුනාට පස්සෙත් ජනතා මුදලින් යැපෙන්න හදනවා.”

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

“මේ දේශපාලනයේ තියන ඉතාම විලිලජ්ජා නැති දෙයක් තියනවා. ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනය කරගන්නවා වෙනුවට නිර්මාණය කරන ලද බොරු සමාජගත කිරීම. ඉනුත් නරකම එක තමයි සමාජගත කළ බොරු මිනිස්සුන්ගේ සංවේදී තැන්වන ජාතික සහ ආගම ගැන නම් ඉතාම බරපතලයි. අපි ආගම අතර ජාතීන් අතර විරසක හදලා සැක හදලා ඉතිහාසයක් පුරා වේදනා වින්ද රටක්. තවමත් ආගම් අතර වෛරය වපුරනවා නම්, බොරු හදනවා නම්, අසත්‍ය තොරතුරු නිර්මාණය කරලා කියනවා නම් ඒක සමාජය තුළ තියෙන්න ඕන නැති දෙයක්. බොරු නිර්මාණය කරන අයත් සමාජය තුළ බොරු වපුරන අයත් එ්කට වග කියන්න ඕන. මේක ඉතාම බරපතල තත්ත්වයක්.

ඒ නිසා හැම ජන කොටසකගෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි බොරු කියන අයට අවස්ථාව දෙන්න එපා. මෙවැනි බොරු පිලිගන්න එපා. මෙවැනි ආගම් පටලා බොරු කියමින් යන අයට දේශපාලනයේ කිසිදු අවස්ථාවක් දෙන්න එපා. මේ මතවාද දේශපාලන වශයෙන් පරාද කළ යුතුයි. තවත් බොරු කියාවි. ඒ අසත්‍ය නිර්මාණ පිලිගන්නේ නැතිව ඇත්ත තෝරගන්නා ලෙස ඔබට ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති කණ්ඩායම පාර්ලිමේන්තුවට අලුත් වුවද, පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල, ඉන් හැරුණු විට භූමිය තුළ දශක ගණනාවක් දේශපාලනය කළ ඒ වෙනුවෙන් කැපවුන පිරිසක් බවය. බිම් මට්ටමේ දේශපාලනය කළ පිරිසක් බවය. දේශපාලන අත්දැකීම් ඇති පිරිසක් බවය.

“පළපුරුද්ද තියනවා කියන අය මොකද කරලා තියෙන්නේ. මහජන මුදල් නාස්ති කිරීම සහ හොරකම් කිරීම. ඒකට ඔය කියන හැම දෙනාම පළපුරුදුයි. ඔය හැම දෙනාම සම්බන්ධයි. ඔය කියන හැම දෙනාම පළවෙනි පාර පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ එල් බෝඩ් ගහන් තමයි. හැබැයි අපි නිවැරදි දේ කරලා පෙන්වලා තියනවා. කලින් අමාත්‍යාංශ 28ක් තිබුණා. ඒක 25කට අඩුකරලා දැන් 03කට අකුලගෙන කරන්නෙ. කරදරයක් නැතිව වැඩේ කරනවා. මේ වැඩේ කරන්න ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති වගේ ඇමතිවරු හැට ගණනක් හිටියා. ”

“මේ තියෙන්නේ මොකක්වත් නෙමෙයි. මාලිමාවට විරුද්ධව කියන්න දේවල් නැති වුනාම එක එක දේවල් කියැවීම. ඒ අයගෙ මතය ප්‍රතික්ෂේප කරලා ජනතාව ඡන්දය දීලා තියනවා. රනිල් වික්‍රමසිංහ ගැන නම් කියන්න තියෙනේ ඔහු දැන් පැරදිලා දරාගන්න බැරිව දොඩවනවා. ඉස්සර අපේ ගම්වල ඉන්නේ එහෙම වයසක කට්ටිය. ඔහේ කටට ආවට දොඩවනවා. මාධ්‍ය අවස්ථාවක් තියනවා. එයා කියවනවා. ”

ඉදිරියේ දී තවත් බොරු නිර්මාණය වන්නට ඉඩකඩ ඇති බවත් ඒ කිසිම අවලාදයකට නොසැලී මාලිමාවේ රජය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු බලය ලබා දෙන ලෙසත් ටිල්වින් සිල්වා ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර වාහන සිද්ධිය – ලොහාන් ගේ බිරිය රශී පබා රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

ප්‍රභූ පුතාට පහසුකම් මදිලු… KDU බස් අනතුරින් තුවාල ලද සිසුවෙකුගේ ප්‍රභූ යැයි කියන දෙමව්පියන් රෝහල් කාර්ය මණ්ඩලයට බැන සිසුවා බලහත්කාරයෙන් රෝහලෙන් අරන් ගිහින්… 

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.