රනිල්ට ඡන්දය දුන්නේ ඇමතිකම් ගන්න නොවෙයි… විග්නේෂ්වරන්

දිනසේන රතුගමගේ –

උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහාත් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් වැඩි දියුණු කර ගැනීම පිණිසත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් සහන ඉල්ලා සිටිනවා මිස තමන් කිසි විටකත් අමාත්‍ය ධූරයක් දැරීමට සූදානම් නොමැති බව දෙමළ ජනතා සන්ධානයේ නායක  සී.වී.විග්නේස්වරන් මන්ත්රීවරයා   පවසීය.

වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කරමින් මාධ්යවේදීන්ට අදහස් පලකල මන්ත්‍රීවරයා තමන් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ   ජනාධිපතිවරයා බවට පත් කිරීම සදහා ඡන්දය ප්‍රකාශ කළේ තනතුරු අපේක්ෂාවෙන් නොව දෙමළ ජනයාගේ යහපත උදෙසා පමණක් බවද කියා සිටියේය.

දෙමළ මන්ත්‍රීවරයෙක්  රජයේ අමාත්‍ය ධූරයක් බාර ගැනීමෙන් සිදුවන්නේ ඔවුන් කියන සෑම දෙයකටම එකඟ වී දෙමළ ජනයාගේ ප්‍රශ්නය   අමතක කිරීමට  බව කී ඔහු ඊට වඩා වැදගත් වන්නේ දෙමළ ජනතාවට ලැබිය යුතු යමක් ලබා ගැනීමට උත්සහ කිරීම බවද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ සුලුතරය හා මහ ජාතිය යනුවෙන් ජනතාව ගොඩවල් දෙකකට ගැසීමෙන්   කවරදාකවත් දෙමළ ජනයාගේ ප්‍රශ්නය නොවිසදෙන බවත් ඔවුන් දිනෙන් දිනම ඉතා නරක තත්ත්වයකට ඇද වැටීමක් පමණක් සිදුවන  බවත් විග්නේස්වරන් මන්ත්‍රීවරයා   සඳහන් කළේය.


Exit mobile version