රනිල්ට ආදරේ නම් කට මැත නොදොඩා ඉන්න… සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව වජිරට කියයි!

ශ්‍රියානි විජේසිංහ –                                                       

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආදරය නම් කටමැත දොඩවන එක නතර කරන්නැයි සෞඛ්‍ය වෘත්තීයසමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ්  පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරයි.

වෘත්තීය සමිති නියෝජිතයින්ට මාස 6 ක් අවුරුද්දක් කට වහගෙන නිවෙස්වලට වී සිටින්නට යැයි   කීමට පෙර වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන සහ මහජනතාව සමග ආණ්ඩුව කරන වැඩසටහන පිලිබඳව සාකච්ඡාවක් පැවැත්විය යුතු  බව හෙතෙම අවධාරණය කරයි . 

එසේ සාකච්ඡා කිරීමට පැමිණ ආණ්ඩුව කරන වැඩසටහන දැනුම් දෙන්නේ නම් මාස 6ක් අවුරුද්දක් නොව අවුරුදු 10ක් වුවද ආණ්ඩුව සමග බඩ බැදගැනීමට හැකි යැයි කුමුදේශ්  පවසා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ආණ්ඩුව හොර රහසේ කරන කරන දෙයට කටවහගෙන සිටිමට මේ රටේ වෘත්තීය සමිති සහ ජනතාව  සූදානම් නොමැති  බව රවී කුමුදේශ් සදහන් කරයි.


Exit mobile version