රනිල්ගෙන් පැය 3ක් CIDය ප්‍රශ්න කරයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 3ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය 5 වැනි පටුමඟේ පිහිටි ඔහුගේ නිවසේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 4 දෙනෙකු අද පස්වරු 4.30 සිට පස්වරු 7.30 පමණ වනතෙක් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.


මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දුන් ප්‍රකාශය මත පිහිටා අද දිනයේ ද තොරතුරු සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රනිල් වික්‍රමසිංහ මහතා තව සුලු මොහොතකින් අලුත්කඩේ ප්‍රදේශයේ ජනහමුවකට සහභාගී වීමට නියමිතය.

Exit mobile version