රන් පදක්කම ගිලිහෙයි!

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.  ඉන්දියාව ලකුණු 19කින් දිනුම්ය. ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී  ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දි  කඩුළු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 97කි.

කෙසේ වුවත් එය අප්‍රසන්න බවකින් තොරව බැලිය හැකි අවසන් තරගයක් වූ බව ලියා තැබිය යුතුය. එක් අවස්ථාවක දී තරගය දෙපාර්ශවයටම  විවෘත වී තිබිණි.

ඉන්දීය ඉනිම මුළුමනින්ම ගොඩ නගන්නේ දෙවන කඩුල්ල වෙනුවෙන් විශිෂ්ඨ ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනැගූ   ස්ම්‍රිටි මන්දනා සහ ජෙමිමා රොඩ්‍රිගේස් ය

ශ්‍රී ලංකා කණ්ඩායම  ගොඩ නැගෙන්නේ නායක චමරි අතපත්තු වටාය. පීඩනය ගොඩනැගෙමින් ලකුණු 13කට කඩුළු 02ක් දැවී ගිය අවස්ථාවේ දි 3 වැනි කඩුල්ල ලෙස  ලකුණු 14 දී චමරීත් දැවී ගියේය. අප හිතුවේ ආසියානු කුසලානයේ දී අපේ සිංහ පැටව් නැටූ නැටුම මේ කෙල්ලන් ද නටනු ඇතැයි කියාය. නමුත්  සිවුවන කඩුල්ල වෙනුවෙන් හසිනි පෙරේරා සහ නිලක්ෂි ද සිල්වා එක්ව ගොඩ නැගූ ලකුණු 34ක සම්බන්ධතාවය තරගය එක් අවස්ථාවක ශ්‍රී ලංකාව වෙත විවෘත වූයේය. ශ්‍රී ලංකා කණ්ඩායම   හසිනි පෙරේරා 4 පහර 4ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 25ක් රැස් කරගත්තේ පන්දු 22ක දී ය.

ඇය සිව් වන කඩුල්ල ලෙස දැවි ගිය පසු නිලක්ෂි ද සිල්වා සමග එක් වූ ඕෂධී රණසිංහ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවාය.  එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු පන්දු 34ක දී ලකුනු 23ක් රැස්  නිලක්ෂි කළාය.


නිලක්ෂි දැවි යනවිට ඕවර 16ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කි. ඕෂධී රණසිංහ  හතරේ පහර දෙකක් සමගින් ලකුණු 19ක් රැස් කළාය.

නමුත් ඉන් අනතුරුව වේගවත් පිිතිකරණයකට උත්සාහ කළ කවීෂා දිල්හාරි සහ සුගන්ධිකා කුමාරි දැවී යන්නේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි නැති බව පවසමිනි.

පන්දු යැවීමේ දී ඉන්දීය පිල වෙනුවෙන් විශිෂ්ටම පන්දු යැවීමක යෙදුනේ ටිටාස් සධූ ය. ඇය පන්දු ඕවර 04 තුළ ලකුණු 06කට කඩුළු 03ක් බිඳ දැමුවාය. එය විස්සයි විස්ස තරගයක විශිෂ්ටම පන්දු යැවීමකි.

රාජේෂ්වරී ගයාක්වඩ් ලකුණු 20කට කඩුළු 02ක්, බිඳ හෙළුවාය.

ඉන්දීය ඉනිම මුළුමනින්ම ගොඩ නගන්නේ දෙවන කඩුල්ල වෙනුවෙන් විශිෂ්ඨ ලකුණු 73ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ආරම්භක පිතිකාරිය වූ ස්ම්‍රිටි මන්දනා ජෙමිමා රොඩ්‍රිගේස් ය.  මන්දනා පන්දු 45ක දී ලකුණු 46ක් සහ ජෙමිමා පන්දු 20ක දි ලකුණු 42ක් ලැබුවාය.  ඔවුහු ලකුණු 116ක් පන්දු ඕවර 20 තුළ ලැබූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධිනී ලකුණු 16ට කඩුළු 02ක්, සුගන්ධිකා කුමාරි ලකුණු 30ට කඩුළු 02ක්, ඉනෝකා රණවීර ලකුණු 21ට කඩුළු 02ක් ලැබූහ.

 

 

Exit mobile version