පාතාල නායක අංගොඩ ලොක්කාගේ පුතාගේ අපල දුරුවීම සඳහා අංගොඩ ලොක්කා විසින් හදා බිරිඳ අතේ කතරගම දේවාලයට එවූ රත්තරන් පවුම් 38ක් වටිනා රන් බන්දේසිය අතුරුහන් කිරීමට වගඋත්තරකරුව සිට අතුරුදහන් වූ කතරගම මහ කපුවා වන සෝමිපාල ටී රත්නායක අද උදෑසන දුව සහ බෑනා සමග පැමිණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වුනේය.
ඔහුගෙන් ලබා ගත් පැයක පමණ කටඋත්තරයෙන් පසුව ඔහුව තිස්සමහාරාම අධිකරණයට වෙත යොමු කර තිබිණි.
අධිකරණය විසින් කතරගම මහා දේවාලයේ මහ කපුවා සහ චූටි කපුවා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග ලබා දීමෙන් පසු මේ දෙපළම අතුරුදහන් වූ අතර පසුගිය සතියේ චූටි කපුවා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ අතර එදිනම තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප පිට නිදහස් වුනේය.