රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් වන බව හරීන් කියයි!

රන්ජන් රාමනායක හෙට (26)  හෝ සඳුදා (29) නිදහස්වන බව සංචාරක කටයුතු පිළිබඳ ඇමති හරීන් ප්‍රනාන්දු සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ වරද මත රන්ජන් රාමනායක බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවමක් විඳිමින් සිටිය දී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රදානය කළ ජනාධිපති සමාව මත නිදහස් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් තිබිණි.

අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ කීවේ රන්ජන් රාමනායක අධිකරණයෙන් විධිමත් ලෙස සමාව ගත් පසු ඔහුට නිදහස ලබා දීම සඳහා ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



Exit mobile version