රන්ජන්ට කොවිඩ්… අඟුණකොලපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට…

ranjan-ramanayake

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රන්ජන් රාමනායකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහකාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේය.

අගුනකොලපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඔහුව යොමු කිරීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

රන්ජන් පෙරේදා (04) අඟුනකොලපැලස්සේ සිට මීගමුවේ සිය නැන්දනියේ මළ ගෙදර පැමිණ තිබුණේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පිට රන්ජන් රාමනායක අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් විඳිමින් හිඳී.

Exit mobile version