රත්නපුර රෝහලේ හදිසි ආපදා තත්ත්වයක්!

All hospitals are full of patients

කොවිඩ් වසංගතයේ වර්තමාන උත්සන්න වීමත් සමඟ රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව එහි සියලුම කාර්ය මණ්ඩලය වත දැන්වා ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි. ඒ බව එහි සිංහල සේවය කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගො තහවුරු කර ඇති අතර ඔහු පවසා අත්තේ ශික්ෂණ රෝහල සතු ICU ඇඳන් හතරම රෝගීන්ගෙන් පිරී පවතින බවය.
තවත් දැඩි සත්කාර ඇඳන් 06 ක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් දිනවල පැවති සාමාන්‍ය සේවා යම්තාක් දුරට අඩු කර ඇතත් කොවිඩ් සේවා තවදුරටත් ක්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් බීබීසී ය වෙත පවසා ඇත.

මේ අතර බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ මේ වන විට රෝහල් ගණනාවක හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.


කොළඹ ජාතික රෝහල , උතුරු කොළඹ, රාගම ශික්ෂණ රෝහල වැනි ප්‍රධාන පෙළේ රෝහල්වලද රෝගී ධාරිතාව ඉක්මවා ඇති අතර මේ තත්ත්වය තුළ කොවිඩ් නොවන රෝගීන්ටද රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් නිර්මාණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි තත්ත්වයක් තුළ ඔක්සිජන් සැපයුම අවශ්‍ය වන රෝගීන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මෙම තත්ත්වය හමුවේ රට තුළ පවතින කොවිඩ් සම්බන්ධ රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම අවදානම් තත්ත්වයක් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (03) අවධාරණය කළේය.

Exit mobile version