රත්තොට කැළෑවෙන් හමුවූ මළසිරුරේ සහ අනුරාධපුරයේ අතහැර දැමූ රථයේ රහස් හෙළිවෙයි

මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී ඉකුත් 21 වෙනිදා සොයා ගත් පිළිස්සුණු සිරුර වැල්ලවාය ලිපිනයක් හිමි කොළඹ තලංගම ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වු ව්‍යාපාරිකයාගේ බව අනාවරණය වී තිබේ.

සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති මෙම ව්‍යාපාරිකයාගේ සහයකයා සහ ඔහුගේ මිතුරකු විසින් මුදල් සහ දේපළ මංකොල්ල කෑමේ අරමුණින් ඔහු කොළඹ දී ඝාතනය කොට මාතලේ රත්තතොට ප්‍රදේශයේ කැලෑවක සිරුර දමා ගිනි තබා ව්‍යාපාරිකයා පාවිච්චි කළ මෝටර් රථය අනුරාධපුරයට දමා පළා ගොස් ඇත.

කෙසේ වුවද මේ සිද්ධිය සම්න්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය මෙම සහයකයාගේ මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් මෙම අපරාධය සිදු කළ අයුරු පිළිබඳව පාපොච්චාරණය කොට තිබේ. තවමත් මෙහි ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත් නොවී සැඟව සිටින බව වාර්තා වේ.


මෙම මිය ගිය ව්‍යපාරිකයාගේ සිරුර හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී අඟුරුවී තිබුණි. ඉතිරිව තිබුණේ පාදයක කොටසක් සහ මුහුණු කොටස පමණි.
මළ සිරුර හමුවීමත් සමග අනුරාධපුර පොලිස් වසමේ අතහැර ගොස් තිබුණු හොණ්ඩා වර්ගයේ මෝටර් රථයක්ද පොලීසියට හමුවී විය. එම මෝටර් රථයේ ලේ පැල්ලම් කිහිපයක් ද වූයේය.

මෝටර් රථය අනුරාධපුරයේදී හමුවීමෙන් පසුව එහි අයිතිය පිළිබඳව සිදු කරන ලද විමර්ශණවලදී එය කාන්තාවකට අයත් බව ට අනාවරණය කර ගත් බව එය ඇයගේ සහෝදරයා විසින් භාවිත කරන ලද බව හෙළි ව තිබේ.

ඒ ඔස්සේ මෙම පරීක්ෂණ සිදු කෙරුණු අතර මෝටර් රථය පාවිච්චි කළ මේ කියන සහෝදරයා මාලඹේ උතුරු තලංගම දාඹුගහවත්ත පාරේ නිවසක පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකි. ඉපදී තිබුණේ වර්ෂ 1975 දී වැල්ලවායේ දීය.

කරුණු සොයාගෙන යද්දී වාරිමාර්ග කොන්ත්‍රාත්කරුවෙක් ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද ඇති බව පොලිසියට අනාවරණය විය. ඔහුට නිවෙස් බිදුම් සහ සොරකම් මෙන්ම වංචා චෝදනාද එල්ලවී ඇති තිබුණු බව පරීක්ෂණවලදී හෙළි විය.

මේ පුද්ගලයා නිවසින් අතුරුදන් වී ඇති බව කියන්නේ පසුගිය 18 වැනිදාය. එදින සවස 5.00 ට පමණ නිවසින් කෑගැසීම් හඬක්ද අසල්වාසීන්ට ඇසී තිබිණි. පසුව අදුරු වැටීමත් සමග ඔහුගේ මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇති අතර නැවත එම මෝටර් රථය නිවසට පැමිණ ඇත්තේ අළුයම 1.00 ට පමණය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවතත් පැය කිහිපයකට පසු මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇත. 21 වෙනිදා මාතලෙන් පිළිස්සුණු මළ සිරුරත් අනුරාධපුරයෙන් මෝටර් රථයත් හමුවී තිබේ. නිවස පරීක්ෂා කිරීමේදී එහි ලේ පැල්ලම් දක්නට ලැබුණු බවද පොලිසිය හඳුනාගෙන තිබිණි.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි

Exit mobile version