රතන හාමුදුරුවෝ හිටපු ජනපති ප්‍රකාශය සම්බන්ධව විමර්ශනයක් ඉල්ලමින් සී.අයි.ඩී යති…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් පසුගියදා  දෙරණ රූපවාහිණී නාලිකාවේ 360 වැඩසටහනට එක් වෙමින්  සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමියෝ  අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  (CID) පැමිණිල්ලක් ගොනු කළහ.

අදාල රූපවාහිනී  වැඩසටහනට එක් වෙමින් හිටපු ජනාධිපති  වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී  මෛත්‍රීපාල සිරිසේන     කියා සිටියේ රෝයල් පාක් ඝාතනයේ  ඝාතකයා වූ ජූඩ් ශ‍්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව ලබාදීමට කිසියම් පුද්ගලයෙකු මුදල් ලබාගෙන ඇති බවට විමර්ශනයකින් හෙළිවුන බවය.

2005 වසරේ රාජගිරිය රෝයල් පාර්ක්  සුපිරි නිවාස  සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වූ ශ්‍රමන්ත ජයමහට 2019 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් ජනාධිපති සමාව පිරිනමනු ලැබුවේය.

මෙම සමාව  ලබා දීමට තමන්ට  කරදරයක් තරමට බලපෑම් කළේ අතුරලියේ රතන හිමියන් බවත්, මේ කතෝලික පවුල සමග පැජට් පාරේ තමන්ගේ  නිවසට  පැමිණ  වෙලාවක් අවේලාවක් නොබලා  තමන්ට  ඇවිටිලි කළ බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.


සම්මත පටිපාටියට අනුව ක්‍රියා කර මේ තරුණයා නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුණු පසු නීතිඥ උපදෙස් ද විමසා තමන් ඊට අත්සන් කළ බව කී හිටපු ජනාධිපතිවරයා අනතුරුව  කෝටි ගණනක අල්ලසක් තමන් ගත් බවට සමාජයේ  කතාවක් පැන නැගුණ බව කීවේය.

ඒ පිළිබඳව වහාම සොයා බලන්නැයි  බුද්ධි අංශ වලට නියෝග කළ විට  විට ජයමහ පවුලෙන් යම් මුදලක් යම් කෙනෙකු වෙත ලබා දී තිබුණු බව හෙළි වුනේ යැයි ඔහු පැවසුවේය.

නමුත්  ඒ මුදලින් සතයක්වත් තමන්  ලබාගෙන නැති බවත් එවැනි අපරාධ තම දේශපාලන ජීවිතයේ කිසි විටෙකත් සිදු නොවුන බවත්  කී හිටපු  ජනාධිපතිවරයා මේ මුදල ලබා ගන්නට ඇත්තේ මේ තරුණයා නිදහස් කරගැනීම සඳහා   දිවා රෑ නොබලා වෙහෙස වුණු පාර්ශවයක් විසින් බව විශ්වාස කරන බවත් කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ශ්‍රමන්ත ජයමහ   නිදහස් කර ගැනීමට තමන් බරපතල උත්සාහයක් කළ බවට හිටපු ජනපති නගන චෝදනාව    පූජ්‍ය රතන හිමයෝ හිමියෝ ප්‍රතික්ෂේප කළහ.

එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළත් විශේෂ මණ්ඩලයක් විසින් ගත් තීරණයක් බව රතන හිමියෝ කීහ. .

මේ සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා අසාධාරණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතුරලියේ රතන හිමිගේ සිවුර ගැලවෙයි… රෝයල් පාරක් තරුණයා නිදහස් වුන හැටි හිටපු ජනපති කියයි …

Exit mobile version