රට විවෘත වුණා… දැන් වගකීම ඔබේ අතේ

Samantha ananda

වෛද්‍ය සමන්ත ආනන්ද

අනුෂා රණසිංහ

දින 52කට ආසන්න කාලයක් සිය නිවෙස්වල සිටි බහුතරයක් ජනතාවට මේ වෙද්දී රැකියාවන් සඳහා යාමට අවස්ථාව ලැබිලා තියෙනවා . ඒ කියන්නේ රට යම් ආකාරයකට විවෘතව පවතින්නේ.  නැවතත් මග තොට මිනිසුන් ගැවසෙන නිසා කොරෝනා හෙවත් කොවිඩ් 19 අවදානම ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඒ නිසා අපි මේ කතා බහ සිදු කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සමඟ..

රට මේ වෙද්දී යම් ආකාරයකට විවෘත කරලා තියෙන්නේ… මේ මොහොතේ සමාජයට කියන්න තියෙන්නේ මොකක් ද?

සමාජයට දෙන්න ඕනේ පණිවිඩය තමයි මෙතෙක් කල් රජය විසින් අනුගමනය කළේ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් මේ තත්වය පාලනය කිරීම සහ ඒ සඳහා රජයට තියෙන නීති රීති මගින් ඒක ආරක්ෂා කරන්නේ කොහොම ද කියන එක. නමුත් දැන් සමාජය තේරුම් ගත යුතුයි රටේ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ සමාජයට ජනතාවට පැහැදිලි වගකීම එනවා මේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම. මොකද මෙතෙක්  ඒ වගකීම රජය දැරුව නමුත් දැන් එහි වැඩි වගකීමක් සමජයට දීලා තියෙන නිසා.


සමාජයේ පුරවැසියන් කොහොමද මේ සමාජ වගකීම හරි හැටි ඉටු කරන්නේ

මෙතැනදී ප්‍රධාන කරුණු හතරක් ඔස්සේ මේ සමාජ වගකීම ඉටු කළයුතුයි.

  1. යම් හෙයකින් නිවසින් පිටවන විට අනුගමනය කලයුතු කාරනා- මෙතනදී නිවසින් පිටවීමේ කාරණය හරි හැටි හඳුනා ගෙන මොකටද යන්නේ, කොතනටද යන්න ඕනේ කියන එක නිශ්චිතවම දැනගෙන ඒ අදාල ස්ථානයට යාමෙන් අනවශ්‍ය කාලයක් මග නොරැදී අදාල කටයුත්ත සිදු කර ගත හැ කියි.
  2. ගමනා ගමනයේදී අනුගමනය කළයුතු කාරනා – මෙය ගොඩක්ම සැලකිලිමත් විය යුතු කාරණාවක්. මොකද යම් ලෙසකින් ඔබ පොදු ප්‍රවහනයක් නම් භාවිතා කරන්නේ. සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් පිළිපැදීම අනිවාර්යයි.
  3. සේවා ස්ථානයේ අනුගමනය කළයුතු කාරනා – රට මේ විදියට විවෘත කලේම සේවා සඳහා යම් ඉඩක් දෙන්නනේ. හැබැයි කොහොමද ඔබ ඔබව ආරක්ෂා කරගනිමින් සේවා කටයුතු කරන්නනේ කොහොමද කියන එක ඔබ තරයේ සිහි තබා ගත යුතුයි.
  4. නිවසට පැමිණීමේදී නිවසට ඇතුළු වීමට පෙර අනුගමනය කලයුතු කාරණා – මේ කාරණාව ඉතාම වැදගත් වෙනවා. මොකද මෙහි වැඩි අවදානමක් තියෙන්නේ වයසක අයට. ඉතින් ඔබේ දෙමාපියන් නිවස තුළ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා කොහේ ගිහින් ආවත් නිවසට ඇතුළු වෙන්න පෙර පාවහන් යුගලයේ සිට පිරිසිදු කර විෂබීජ හරණය කර නිවසට ඇතුළුවෙන්න වග බලා ගන්න.

මේ කාලය තුල පුද්ගල ප්‍රතිශක්තිකරණය ඉතා වැදගත් නේ. කොහොමද ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්නේ

අපි දන්නවා මේක වෛරස් රෝගයක්. විශේෂයෙන් ලෝකයේ වෛරස් රෝග වලට ප්‍රතිකාර ක්‍රම විරලයි.  එතකොට මේ කොවිඩ් 19 වෛරස් එකට තාම තාම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් හොයාගෙන නැහැ. නමුත් අපිට තියෙනවා ප්‍රධාන ශක්තිමත් ක්‍රමවේදයක් මේකෙන් බේරෙන්න.  ඒ තමයි අපි තුළ තියෙන්නාවූ ප්‍රතිශක්තිකරණය. ඒ නිසා අපේ මේ ශරීරය තුළ තියෙන්නා වූ මේ වෛරසයට විරුද්ධව වැඩ කිරීමේ හැකියාව වැඩි කර ගැනීම අවශ්‍යයි.

ඒ සඳහා

විටමින් වර්ග භාවිතා කරන්න ඕනේ ද?

ගොඩක් අයගේ මතයක් තමා ෆාමසි එකෙන් අරන් විටමින් වර්ග භාවිතා කරන්න ඕනේ කියන එක. නමුත් ඇත්තටම එහෙම අවශ්‍යතාවක් නැහැ.  සමබල ආහාර වේලක් ගන්නවා නම් සහ එළවලු පලතුරු වර්ග හොඳින් ආහාරයට ගන්නවා නම් අමතර විටමින් වර්ග ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යම් හෙයකින් යම් පුද්ගලයෙකුට වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරලා තියෙනවා නම් විටමින් වර්ගයක් ගන්න එය ලබා ගත යුතු වෙනවා. එහෙම නැති අයට ෆාමසි වලින් අරන් විටමින් බිමේ අවශ්‍යතාවක් නැහැ.

මේ දවස් වල රැකියාවට යන අය අඳින පලඳින එක ගැනත් හිතන්න ඕනේ නේද?

තමුන්ගේ රාජකාරියට ගැලපෙන ඉතාමත්ම සරල සැහැල්ලු ඇඳුමක් ඇඳීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ වෙලාවේ මෝස්‌තර වල‍ට යාම අනවශ්‍ය සංකීර්ණ ඇඳුම් වලට යන එක අවම කරගන්න එක හොඳයි.  ඉන් අනවශ්‍ය විදියට දාහදිය දැමීම අවම වීම සහ තමන්ගේ අනු දැනුමකින් තොරව විවධ ස්ථාන වල මේ ඇඳුම් ස්පර්ශ වීම සහ ඒ හරහා මේ විෂබීජය ශරීර ගත විය හැකි නිසා පහසු සරල ඇඳුමක් මේ කාලය තුළ  සුදුසුයි කියන එක අපි මතක් කරනවා.

AC යන්ත්‍ර භාවිතය නුසුදුසුද?

මේ රෝගය වාතය මඟින් බෝ වෙන්නේ නැහැ කියන එක තමා කියන්නේ. නමුත් යම් ලෙසකින් කෙනෙකු කිවිසුමක් හෝ කැස්සක් පිට කළහොත් ඒ කෙල බිඳිති යම් තාක් දුරකට මේ හරහා පැතිරෙයි කියන මතයේ තමා ඔය වගේ AC යන්ත්‍ර භාවිතය සුදුසු නැහැ කියන එක.   නමුත් මෙහි සත්‍යතාවක් තහවුරු වෙලා නැහැ. ඒ නිසා AC  ඇතත් නැතත් තමන් භාවිතා කරන දේ ඉතා පිරිසිදුව විෂබීජ හරණය කර භාවිතා කිරීම තමා ඉතාමත් වැදගත් වෙන්නේ.

තව කොච්චර කාලයක් මේ අවදානම තියෙයි ද?

ඒකට අපිට කියන්න තියෙන්නේ මේක ලෝක වසංගත තත්වයක්.  ඉක්මනින් ලොව පුරා පැතිරෙන වෛරස් තත්වයක්. ඒ වගේම යම් යම් ප්‍රතිකාර අත්හදා බැලුවත් තවම නිසි ප්‍රතිකර්මයක් නැහැ. ඉතින් ප්‍රතිකර්මයක් හොයා ගත්තොත් නම් කාලයක් කියන්න පුළුවන් නැත්නම් ඉතින් ලෝක මට්ටමින්ම මේක පාලනය වන තාක් කල් මේ සම්බන්ධයෙන් අවධානය දැඩිව යොමු කරලා පාලනය කර ගන්න සිදු වේවි. ඒක මාස ගණනාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු ගණනාවක් වුණත් විය හැකියි. ඒනිසා අපි හැකි උපරිම ආකාරයෙන් මේ පාලන ක්‍රමවේදයන් සහ හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගෙන හොඳ ආහාර රටාවකට පුරුදු වුණොත් අපි බලාපොරොත්තු වෙනවා රටක් වශයෙන් අපිට මේ කොවිඩ් 19 බලපෑම අඩු කරගෙන රටක් වශයෙන් සාමාන්‍ය ජිවන රටාව පවත්වා ගන්න පුළුවන් කියන එක.

ජනතාවට කියන්න තියෙන්නේ මොකක්ද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන්ම කියන්න ඕනේ කොරෝනා රෝගයට අනිසි ලෙස බිය වියයුතු හෝ  ලැජ්ජා විය යුතු වන්නේ නැහැ. මේක සාමාන්‍ය වෛරස් උණ තත්වයක් .  ගැටළුලුවක් වෙලා තියෙන්නේ ඉතා වේගයෙන් මේ වෛරස් එක පැතිරීම. ඒ නිසා යම් රෝගී ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

 

Exit mobile version