රට වහන්න ලියුම් ලියපු ඇමති තුන් කට්ටුවට කැබිනට් එකේ දී කුණු බැණුම්…

අජන්ත කුමාර අගලකඩ –

කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් කළ ඇමතිවරුන් තිදෙනාගේ ක්‍රියා ක්‍රියාකලාපය ඊයේ (23) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී ද දැඩි විවේචනයට ලක්වී ඇත .

ඇමතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන ,එස් එම් චන්ද්‍රසේන සහ ඩග්ලස් දේවානන්ද යන ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී මේ විවේචනය කර ඇතැයි වාර්තා වේ .

කැබිනට් රැස්වීමේ දී විවෘත ව අදහස් ඉදිරිපත් නොකර, එළියට ගොස් ලිපි ලියා ජනාධිපතිවරයාට යැවීම කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමක් බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත.


කොවිඩ් පාලනය සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය සතියේ ලිපියක් යැවූ අතර, කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද ඊට අත්සන් කළහ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version