රට මළ ගෙයක් කළ ඌරගහ මයිකල්, බෙලිඅත්ත පංච පුද්ගල ඝාතක මුද්දරගම චම්පික ප්‍රසන්න ඇතුළු දරුණු අපරාධකරුවන් 13ක් ඩුබායිහි දී අත් අඩංගුවට!

ප්‍රධාන පාතාල අපරාධකරුවෙක් මෙන්ම පාතාල ඝාතනය රැසක් මෙහෙයවූ මිනීමරුවෙක් වන    ඌරගහ මයිකල්,   බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ  ප්‍රධාන කුලී ඝාතකයාවූ  නාවික හමුදාවේ වසර 22ක සේවයකින් පසු විශ්‍රාම ලබා සිටින පල්ලෙවෙල මුද්දරගම  සෙබළෙක් වන  චම්පික ප්‍රසන්න කුමාර  ලොකු සුජී,  කලන මානවඩු  ඇතුළු රටට අවශ්‍ය තිබූ බිහිසුණු අපරාධකරුවන් 13 දෙනෙක් ඩුබායිහි දී අත් අඩංගුවට ගත් බව මෙහෙයුම් ආරංචි මාර්ග හෙළි කරයි.

ඌරගහ මයිකල්  යනු   එල්ටීටී සැකකරුවකු ලෙස සිට නිදහස්වූ කෙනඩි නොහොත් බුම්මා ලවා බලපිටිය අධිකරණය ඉදිරිපිටදී මෝල් පියා නොහොත් පියරත්න ඇතුළු තව අයකු ඝාතනයට සම්බන්ධ අපරාධකරුවාය.

කොස්ගොඩ  තාරක ඝාතනය සඳහා තාරක ගෙන යන  බන්ධනාගාර බස් රථයට පහර දීමට ආර්පීජී දෙකක් සහ ටී පනස් හය අවි 20 ක් විදේශයක සිට මෙරටට ගෙන්වන ලද බවට බුද්ධි තොරතුරු ලැබී තිබිණි. කොස්ගොඩ සුජීවගේ සමීපතමයා මොහුය. පසුගියදා සිදු කළ පංච පුද්ගල ඝාතනයටද ඌරගහ මයිකල් සම්බන්ධය.

රට විකල් කරමින් ඩුබායි හි සිට ලංකාවේ පාතාලය මෙහෙයවනු ලැබුවේ මෙම කණ්ඩායම විසිනි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අපරාධකරුවන් ලංකාවට රැගෙන ඒමටනියමිතව තිබේ.

 

Exit mobile version