රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

හදිසි මිලදී ගැනීමේ පදනම මත  විදේශීය සමාගම්වලින් ඉන්ධන හා ගෑස් රජය හරහා මෙරටට ගෙන්වීමේ අවසරය ලබා ගැනීම සඳහා එම සමාගම්වලට අනුමැතිය ගැනීමට තැරැව්කරුවන් මේ වනවිට ඉහළ දේශපාලන බලවතුන් වටා කඳවුරු බැඳ ඇති බවට ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

ඉන්ධන හෝ  ගෑස් නැවක් මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබා දුනනොත්  ඒ වෙනුවෙන් අදාල සමාගම  විසින්   මිලියන 30 -40 අතර කොමිස් මුදලක්  ගෙවීමට එකඟතාවය පල කර ඇතැයි එම ආරංචි මාර්ග හෙළිදරවු කරයි. එක් එක් මට්ටමේ සහන පැකේජද සහිතව ඉදිරිපත්වන මෙම යෝජනා අතර ඉන්ධන සැපයීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යෑමට අවස්ථාව සලසා දෙන්නේ නම් එම සමාගම්  ඊට වඩා විශාල මුදලක් තැරැව්කරුවන් වෙත  ගෙවීමට සූදානමින් සිටින බව ද දැනගැනීමට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට දේශපාලන සබඳතා ඇති අය මෙන්ම හිටපු මැති ඇමතිවරුන් තැරැව්කරුවන් විසින් තෝරාගෙන තිබේ. මේ පිරිස් තම තැරැව්කාර සමාගමට අවස්ථාව ලබා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයම් දියත් කර ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

 

Exit mobile version