රට බංකොලොත්! ඒත්  ජනපති අගමැති වියදම් ඉහළින්!

ශ්‍රී ලංකාව තවමත් දරුණුතම ආර්ථික අර්බුදයක මුහුණ පා සිටිය ද ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාල හා අමාත්‍ය මණ්ඩල කාර්යාල සඳහා කිසිදු වියදම් කප්පාදුවක් කර නොමැති අතර 2022 දී ‘විශේෂ වියදම්’ යටතේ එම කාර්යාලය සඳහා වෙන් කර ඇති අයවැය 2023 දීත් අඩුවක් නොමැතිව  වෙන් කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අනාවරණය කරන ඩේලිමි මිරර් පුවත් පත පවසන්නේ  ජනාධිපතිවරයාගේ ‘විශේෂ වියදම් ඒකකය’ සඳහා අයවැය යටතේ =2022 වසරේදී වෙන් කළ මුදල රුපියල් බිලියන 3.04ක් වන අතර මේ වසරේදී  (2023) දී රුපියල් බිලියන 3.88 ක මුදලක් වෙන් කර ඇත. භාණ්ඩාගාර සංඛ්‍යාලේඛනවලට අනුව රුපියල් මිලියන 70 ක් අතිකාල සහ නිවාඩු ගෙවීම් සඳහා ජනාධිපති ලේකම් කා්යාලය වෙනුවෙන්   වෙන් කර ඇති අතර එය පසුගිය වසරේ ප්‍රතිපාදනවලට සමාන වේ.  දේශීය හා විදේශීය සංචාර ඇතුළත් ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 86ක් වෙන් කර ඇති අතර 2022හි ප්‍රතිපාදනවලට සාපේක්ෂව රුපියල් මිලියන මිලියන 60ක වැටි ඩීමකි.

ජනාධිපතිවරයාගේ වාහන, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වැනි නඩත්තු වියදම් සඳහා යටතේ 2022 වෙන් කළ රු. මිලියන 450ක මුදලම 2023 වසරේදී වෙන් කර ඇත.


අග්‍රාමාත්‍යවරයාට ද  මෙම විශේෂ වියදම් ඒකක කාණ්ඩය යටතේම, 2023 සඳහා වෙන් කර ඇති අයවැය රුපියල් බිලියන 1.01කි.  මෙය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 1.43 ට සාපේක්ෂව සුළු අඩුවීමකි.

අතිකාල සහ නිවාඩු ගෙවීම් යන කාණ්ඩය යටතේ භාණ්ඩාගාරය විසින් අගමැතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වෙන් කර ඇති අතර දේශීය හා විදේශීය ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 18ක් වෙන් කර ඇත.

වාහන, කම්හල් සහ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නඩත්තු වියදම් ලෙස රුපියල් මිලියන 172ක් අග්‍රාමාත්‍යවරයාට වෙන් වී තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා මහා භාණ්ඩාගාරය විසින් රු. මිලියන 263ක් වෙන් කර ඇති අතර 2022 සඳහා වෙන් කර තිබුණේ රුපියල් මිලියන 217 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉහළ යන ණය හමුවේ ජීවන වියදම් ද ඉහළ ගිය ද, ඉහළ බදු ජනතාවගෙන් අය කල ද ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩල කාර්යාල සඳහා වන වියදම් අඩු නොවීම ගැටලුවක් බව එම වාර්තානේ පෙන්වා දී ඇත.

Exit mobile version