රට නටවන හාල් මෝල් බලන්න  පාරිභෝගික අධිකාරිය පොලොන්නරු යයි…

අරලිය, නිපුන, නිවුරත්න, ලක් හාල් මෝල් විශේෂ අධික්ෂණයට...

කීර්ති ප්‍රනාන්දු –

පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සහල් මෝල් 04ක් පරීක්ෂාවට ලක් කර එම මෝල් සතුව ඇති වී සහ සහල් තොග පිළිබඳ වාර්තාවක් ඊයේ (03) පාරිභෝගික සේවා අධිකාරිය මගින් ලබාගෙන ඇත.

පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ අරලිය, නිපුන, නිවුරත්න, ලක්, නාමැති සහල් මෝල් මෙසේ පරීක්ෂාවට ලක් කළ බවය.

මෙහිදී සහල් මෝල් හිමියන් නිකුත් කරන සහල් තොග සහ මිල ගණන් පිළිබඳ වාර්තාවක් අධිකාරියට ලබා දීමටත්,  පසුව එම මිල ගණන් ප්‍රසිද්ධ කිරීමටත් සහල් මෝල් හිමියන් එකඟතාවය පළ කළ බව ද අධිකාරිය පවසයි.


එසේම තමන් සතුව පැවති වී තොග කඩිනමින් සහල් බවට පත් කර රජයේ පාලන මිල යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ද  මෝල් හිමියන් එහිදී එකඟ වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පරීක්ෂා කිරීම් සඳහා අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් එම්.සී.එස්.පී නිවුන්හැල්ල ඇතුළු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද එක් වී තිබේ.

Exit mobile version