රට ඉඳන් එන අයට නිරෝධායන පිළිවෙත වෙනස් වුණු හැටි මෙන්න

එන්නත සම්පූර්නයෙන් ගෙන සති දෙකකට පසු ආවොත් එක දවසින් ගෙදර
• හෝටල් නිරෝධායනය දවස් 07යි
• පොදු නිරෝධායනය දවස් 10යි

 

විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නිරෝධායන මඟ පෙන්වීම් මාලාව අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව නිරෝධායන පිළිවෙතෙහි සිදුව ඇති ප්‍රධාන වෙනස්කම් මෙසේය.

කොවිඩ් වෛරස ආසාදනය වළක්වා ගැනීම සඳහා නියමිත එන්නත් මාත්‍රාව සම්පූර්ණයෙන්ම ලබා ගෙන සති දෙකක් සම්පූර්ණ වූ පුද්ගලයන්ට එක් දිනක් සඳහා හොටල් නිරෝධායනයට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරෙන අතර ඔවුන්ට පැය 24ක් තුළ සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව නිවසට යා හැකිය. ඔවුන් ට නිවසේදී නිරෝධායනය වීමක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන් පැමිණීමේදී ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කළ එන්නත්කරණ කාඩ්පතෙහි සහතික කළ පිටපතක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු වේ.


අසම්පූර්ණ ලෙස එන්නත් ලබා ගත් පුද්ගලයන්, එන්නත සම්පූර්ණයෙන් ලබා ගත්තද සති දෙකක් ගත කොට නොමැති පුද්ගලයන් හෝ කොවිඩ් සඳහා එන්නත් ලබා නොගත් පුද්ගලයන් හෝටල්වල නිරෝධායනය සඳහා යොමු වන්නේ නම් ඔවුන්ට අදාල හෝටලයට ගිය පළමු දිනය තුළ සහ 07 වැනි දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කෙරන අතර රෝගය නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන්ට සත් වැනි දිනයේදී නිවසට යා හැකිය. ඔවුන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කොට දින 14ක් නිවසේ නිරෝධායනය වීම අත්‍යවශ්‍ය වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෝටල් වල නිරෝධායනය සඳහා යොමු නොවී රජයේ පොදු නිරෝධායන පහසුකම් භාවිත කරන පුද්ගලයන්ට දින 10ක නිරෝධායන කාලයක් එම මධ්‍යස්ථානවල ගත කළ යුතුය. ඔවුන් සඳහාද පළමු දිනයේ සහ 10 වැනි දිනයේ සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන අතර එයින් රෝගය නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන්ට 10 වැනි දිනයේදී නිවසට යා හැකි වන අතර නිවසට ගොස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කොට නිවසේ දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුය.

 

Exit mobile version