රටේ විනිසුරුවන් පත් කිරීම ගැන පකිස්තාන විනිසුරුවරයකුගෙන් බරපතල චෝදනාවක්

Qazi Faez Isa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ක්වාසි ෆයෙස් ඉසා ඔහු නොමැති අවස්ථාවක සින්ද් හා ලාහෝර් මහාධිකරණවලට නව විනිසුරුවන් පත් කිරීම සඳහා අධිකරණ කොමිෂන් සභා දෙකක් කැඳවීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. අරක්කැමියෙකු තෝරා ගැනීම සඳහා විනිසුරුවරයෙකු තෝරනවට වඩා වැඩි සැලකිල්ලක් දක්වන බව පෙනේ යැයි පවසමින් ඉසා අගවිනිසුරු උමාර් අටා බන්ඩියල්ට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කර තිබේ. සින්ද් මහාධිකරණයට නම් කළ විනිසුරුවන් සම්බන්ධයෙන් සළකා බැලීමටත් ලාහෝර් මහාධිකරණයේ අතිරේක විනිසුරුවන් ස්ථිකර කිරීම සඳහත් අධිකරණ කොමිෂන් සභා ජූනි 28 හා 29 දෙදින තුළ රැස්වීම් කැඳවා ඇති අතර ඒ සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම් දීමක් නොකළ බව ද විනිසුරුවරයා සඳහන් කරයි. මෙම අධිකරණ කොමිෂන් සභාවල කාර්යයන් සම්බන්ධයෙන් කිසිදු පැහැදීමක් නොදක්වන විනිසුරුවරයා කොමිෂන් සභාවේ ලේකම්වරයා සතුව තිබූ ලිපිවල හා විශාල පෙට්ටි තුනක ඡායාරූප එව් බව ද සඳහන් කළේය. ඔවුන් නොසැලකිලිමත් අයුරින් කටයුතු කරන බව ඉසා පෙන්වා දෙයි.

Exit mobile version