රටේ නන් දෙසින් පැමිණි තරුණයෝ සාර්ථක විරෝධතා ව්‍යාපාරයක…..

රටේ දේපල විකිණීම පවතින සමාජ ආර්ථික පීඩනයට විරෝධය පලකරමින්  මේ රට අපටයි , අපේ අනාගත පරපුරටයි.. එය රැකුමට සටන් කරමු තේමාව මත කොළඹට එක්වූ අති විශාල තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් සමාජවාදී තරුණ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

රටේ දස දෙසින් පැමිණ සිටි උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ  කොළඹ ටෙක්නිකල් මං සන්ධියෙන් සිය විරෝධතා පා ගමන ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළහ.

තෙල් පෝලිම් තවත් එපා, ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු!, රට රැකීමට දේශප්‍රේමී තරුණ තරුණයින් එක්වවු!, තොපි සෙල්ලම් කරන්නේ අපේ අනාගතය එක්කයි, රටේ සම්පත් විකුණන ආණ්ඩුව ගෙදර යනු!  අදී සටන් පාඨ ලියැවුනු බැනර් සහිතව ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණිහ.


පෙළපළියත් සමග අවට මාර්ග මුළුමනින්ම ඇහිරී ගියේය. විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට ලබා දීම සඳහා සංදේශයක් රැගෙන විත් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට උද්ඝෝෂණය නිමා කර විරෝධතා කරුවෝ නික්ම ගොස් සිටිති.

 

Exit mobile version