රටේ දරුවන්ගේ  මන්දපෝෂණය දුරු කරන්න ලෝක බැංකුව දුන් මුදලෙන් පගා ගන්න සෞඛ්‍ය පිශාචයින් ගැන හෙළි වේ….

ශ්‍රියානි විජේසිංහ    

මන්දපෝෂණය දුරුකිරීම සඳහා  ලෝක  බැංකු ආධාර යටතේ  රාජ්‍ය නොවන සංවිධානයන්ට ලබා දුන් මුදල් වියදම් කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  නිලධාරීන්ට  සන්තෝසම් දීමට සිදුව ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට දරුවන් සහ ගැබිනි මව්වරුන් අතර පවතින මන්දපොෂණය දුරු කිරිමට සඳහා ලෝක බැංකු ආධාරයන් සෞඛ්‍ය අමාත්‍යංශයට නොදී රාජ්‍ය නොවන සංවිධානයන්ට ලබා දී ඇතත් එම සංවිධානයන් සතුව මන්දපෝෂණ තොරතුරු නොමැති බැවින් එම තොරතුරු  ලබා දීමට  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් අකමැත්ත පළ කිරිම හේතුවෙන් ඔවුන්ට මෙසේ පගා දීමට සිදුව ඇතැයි අමාත්‍යංශ නිලධාරීයෙක් පැවසුවේය.

මේ අනුව දිස්ත්‍රික්කයක පැය දෙකක වැඩමුළුවක් පවත්වා එම වැඩමුළුවට සහභාගිව වන සෞඛ්‍ය නිලධාරීන්ට ආහාර වේලක් සහ ගමන් වියදම් දීමනාවක් ලෙස මුදලක් පරිත්‍යාග කිරිමට රාජ්‍ය නොවන සංවිධානයන්ට සිදුව ඇතැයි ද හෙතෙම පැවසුවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබා දෙන පගාවෙන්  සෑහීමකට පත් නොවන්නේ නම් තමන් සතු දත්ත වාර්තාවන් අදාල සංවිධානයන්ට ලබා නොදීමටද මෙම නිලධාරීන් කටයුතු කරන බව සඳහන්වේ.

 

Exit mobile version