රටේ ඩොලර් නෑ… ගෙවීම් තහවුරු කරන තුරු දින 04ක් පුරා ඉන්ධන නැවක් කොළඹ වරායේ….

ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන පසුගිය 05 දා කොළඹ වරායට ඇතුළු වූ ඉන්ධන නැවක් එම ඉන්ධන සඳහා අද හවස ගෙවීම් සහතික කරන තුරු පුරා දින 04ක් නැංගුරම් ලාගෙන සිටි පුවතක් වාර්තා වේ.

එම ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 45 ක පමණ මුදලක් ගෙවා ගැනීමේ ගැටලුව නිරාකරණය වී ඇත්තේ අද සවස බව තෙල් සංස්ථා ආරංචි මාර්ග මාධ්‍යයට හෙළිදරවු කර තිබිණි.

පසුගිය දා විෂය භාර ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඉන්ධන වෙනුවෙන් ගෙවීම ඇති ඩොලර් බිලියනයකට අධික ණය මුදල ගෙවීම සිදුකළ යුතු කාලය පැමිණ ඇති බවත් මේ වනවිට රට බරපතල ඩොලර් හිඟයකට මුහුණපා ඇති බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදීත් පැහැදිලි කළේය.













්‍

Exit mobile version