රජය සතු භාවිත කළ හැකි වාහන 76,661ක් ගැන අගමැති හෙළි කරයි…

අලුතින් වාහන ගෙන ඒමට අවශ්‍ය නැති අයුරු අගමැතිම නොකියා කියයි....

කීර්ති ප්‍රනාන්දු – 

මේ වනවිට රජයේ ආයතන සතුව වාහන 82, 194ක් ඇති බවත් ඉන් 76,661ක්ම ඇත්තේ ධාවන තත්වයේ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි දරවු කරයි.

දැනට රජය සතුව භාවිතයට ගැනීමට නොහැකිව ගර්හිත තත්වයට පත් වූ වාහන 5533ක් පවතින බව පෙන්වා දෙන එම වාර්තාව මෙම වාහනවලින් හැකි පමණ යළි අලුත්වැඩියාකර භාවිතයට ගැනීමට කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇත.

මෙපමණ වාහන තිබුණ ද රජයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8500ක් ඔවුන්ගේ පුද්ගලික මෝටර් රථ නිල රාජකාරි ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් යොදා ගැනීමත් ඒ වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමට අනුමැතිය ලබා දීමටත් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් ඇගමැතිවරයාගේ වාර්තාවේ අවධානය යොමු වී තිබේ.
.
අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම වාර්තාවට අනුව ධාවන තත්වයේ නැති වාහන අතරින් අලුත්වැඩියා කළ හැකි රථ වාහන වහාම අලුත්වැඩියා කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



එසේම අලුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් යටතේ අපහරණය කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

Exit mobile version