රජය වෘත්තීය සමිති නායකයින්ගෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට සැරසෙයි !

සියලුම වෘත්තීය සමිති නායකයන් ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට  කම්කරු දෙපාර්තමේන්තුව සූදානම් වන බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට මීට අදාල සාකච්ඡා  අමාත්‍යංශ මට්ටමින් ආරම්භ වී ඇති බවත් ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දීමේ සූදානමක් පවතින බවත් කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මෙම වෘත්තීය සංගම් නායකයන්ට බාහිර පාර්ශ්වයන් වෙතින් මුදල් ඇතුළු විවිධ වරප්‍රසාද ලැබෙන බවටවන තොරතුරුක් හේතුවෙන් මෙලෙස ඔවුන් ගේ වත්කම් බැරකම් පිළිබඳව සොයා බැලීමට  හේතුවී ඇති අතර  1975 වත්කම් සහ බැරකම් පිළිබඳව පනතට අනුව වෘත්තීය සමිතිවල නිලතල දරන පුද්ගයන්ට සිය තනතුරු ලබා ගැනීමේදී වත්කම් සහ බැකරම් ප්‍රකාශ ලබා දීම සිදු කළ යුතු බවද  අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‍එසේ වුවද මෙතෙක් කලක් එම නීතිය ක්‍රියාත්මක වී නැති අතර මේ හේතුවෙන් අදාළ පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.


Exit mobile version