රජයේ ‍කොවිඩ් වැඩපිළිවෙළ විවේචනය කරන්නන්ට නීති දැල එලීම නවතන්න- ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම

COVID-19 රජයේ වැඩපිළිවෙළ විවේචනය කිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පවසමින් මාධ්‍යවේදීන්, රජයේ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම ශ්‍රී ලංකා රජය වහා නතර කළ යුතු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම (ICJ) පවසයි.

කොවිඩ් පරීක්ෂණවල ඉහළ මිල ගණන් සහ වසංගතය හසුරුවා ගැනීම පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අගෝස්තු 31 දින කැඳවා තිබේ.

COVID-19 රෝගීන් වැඩිවීම හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලේ පවතින අර්බුදය පිළිබඳව විවේචනාත්මක ප්‍රකාශ කරමින් ෆේස්බුක් හි පළ කිරීම් සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය නජිත් ඉන්දිකගෙන් ද ප්‍රශ්න කෙරිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනතේ (සීසීඒ), පොලිස් ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තියට එරෙහිව සටන් කරන නිලධාරීන් ගැන අසත්‍ය හෝ අපහාසාත්මක ප්‍රකාශ පතුරුවන අය අත්අඩංගුවට ගන්නා බව පොලිස් බලධාරීන් 2020 අප්‍රේල් මාසයේදී සහ පසුව 2021 ජුනි මාසයේදී නිවේදනය කළේය.

Exit mobile version