රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ට එරෙහිව GMOA පෙත්සම් ගසයි….  

Rukshan-Bellana

ශ්‍රී ලංකා වෛද්‍ය ආඥාපනතේ 29 වන වගන්තිය යටතේ ලියාපදිංචි නොමැතිව සිටින  රුක්ෂාන් බෙල්ල නැමැති පුද්ගලයාට  පරිපාලන වෛද්‍ය පත්වීමක් පිරිනමා ඇත්තේ කෙසේද යන්න  සම්බන්ධයෙන් හැකි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා සිටියි.

මෙම පුද්ගලයා වෛද්‍ය පරිපාලන බෝඩ් ලැලීවලට මුවාවී මාධ්‍යයට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් එය වෛද්‍යවරුන්ට දැඩි හානියක් වන බවත් පෙන්වා දෙන සංගමයේ සාමාජිකත්වය  මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම සොයා බලන්නැයි ඉල්ලමින් දිවයිනපුරා විසිරී සිටින වෛද්‍යවරුන්ගේ අත්සනින් යුතුව  පෙත්සමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට  සතියේදී ඉදිරිපත් කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු   සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගෙන් සියයට 90ක් පමන   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන අතර ඒ සියලුම වෛද්‍යවරුන් මෙම පෙත්සමට අත්සන් තැබීමට එකඟ වී  ඇතැයිද හෙතෙම පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයාය.

 

Exit mobile version